Martial Arts is....

  • Posted by Sam Irosh
  • at 10:13 PM -
සටන් කලාව යනු...?

බොහො දෙනෙක් ගේ අදහස සටන් කළාව යනු කලාවක් බවයි. එය පිළිගත හැකි සත්‍යයකි. නමුත් වර්තමානයේ සටන් කලාව එහෙමත් නැත්නම් රණ කාමී කලාව (Martial Arts) විද්‍යාවක් බවට පත් වී අවසන්. දැන් එහි පරික්‍ෂණ ඇත, නිරික්‍ෂණ ඇත ඒවයින් ලබාගන්නා නිගමනද ඇත. මෙම පරික්‍ෂණ සටන් සඳහම නොව ශරිරය සම්බන්ධව පවත්නා විවිධ ගැටළු නිරාකරණය කර ගැනීමටද යොදා ගනී.

යොග ශාස්ත්‍රය හැරුණුකොට ශරිරයත් මනසත් එක්කාසු කරන එකම ශාස්ත්‍රය හා විද්‍යාව රණකාමී කලාවයි. වර්තමාන ලෝකයේ සටන් කලාවට බොහෝ දේ එකතු වී ඇත.

තාක්‍ෂණය
ව්‍යාවච්ඡේද විද්‍යාව (anatomy)
නූතන මනෝවිද්‍යාව
භෞතික විද්‍යාව

අද සටන් කලාවට එකතු වී ඇත. ඒ විතරක් නොවේ බොහෝ දේ සටන් කලාව මඟින් ඉහත සඳහන් විද්‍යවන්ට එකතු වී ඇත. තායි චී සටන් ක්‍රමය හැදැරිමෙන් සහ දිනපතා එම අභ්‍යාස පුහුණු වීමෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව ඇතුළු රෝග රාශියක් පාලනය කර ගත හැකි බව නව පරීක්‍ෂණ වලින් හෙලි වී ඇත.

මේකත් මතක තබා ගන්න....
සටන් කලාව හුදෙක්ම ශක්තිමත් අයවළුන් සඳහා ඇති දෙයක් නොවේ එය අප කාගේත් පවතින සෑම දුර්වල තාවයකටම පිළියම් යොදන විද්‍යාවකි.
තේරුම් ගැනීමේ පහසුවට අවසාන වශයෙන් මම මෙහෙම කියනන්ම්.

ඔබ ශාරීරීකව දුර්වලනම්, සටන් කලාව පුහුණු වෙන්න එයින් ඔබ ශක්තිමත් කරයි..

ඔබ මානසික පීඩනයකින් සිටින්නේ නම්, සටන් කලාව පුහුණු වෙන්න එයින් ඔබව තෘප්තිමත් කරවයි.

ඔබ රෝගීනම්, සටන් කලාව පුහුණු වෙන්න එයින් ඔබව නිරෝගී කරවයි.

ඔබට ගැලපෙන ඔබ කැමති ශෛලියක් තොරගෙන පුහුණු වෙන්න ඒ අතරේ සටන් විද්‍යාවත් තෙරුම් ගන්න. ශෛලිය කුමක් වුවත් විද්‍යාව එකක් වේ.

සීෆූ: ජෙරාඩ් පෙරේරා
සහාය උපදේශක,
ශ්‍රී ලංකා චුආන් ෆා විංග් චුන් සටන් කලා සංගමය,
වට්ප්‍රාසිං මුඒ තායි සංගමය.
ඔබේ විමසිම්: 0724674887

මෙය උපුටා ගැනීමට වෙනත් ඔනෑම තැනක පළ කිරිමට ඔබට අවසරය ඇත.සීෆූ: ජොරාඩ් පෙරේරා

Author

Written by Admin

Aliquam molestie ligula vitae nunc lobortis dictum varius tellus porttitor. Suspendisse vehicula diam a ligula malesuada a pellentesque turpis facilisis. Vestibulum a urna elit. Nulla bibendum dolor suscipit tortor euismod eu laoreet odio facilisis.